0%

1500 කට අධික ESOFT සිසුන්ට බ්‍රිතාන්‍ය Level 3 ඩිප්ලෝමා ප්‍රදානය 2024 මාර්තු මස 13 වන දින BMICH හිදී සිදු කරන ලදී.

ESOFT තුලින් සිය උසස් අධ්‍යාපන ගමන ආරම්භ කළ ශ්‍රී ලංකාව පුරා සිටින සිසුන් සඳහා බ්‍රිතාන්‍ය (UK) Level 3 Diploma සඳහා සමාරම්භක ප්‍රදානෝත්සවය ESOFT Metro Campus ආයතනය විසින් Skills Education Group (SEG) සහ UK Awards සමඟ එක්ව සංවිධානය කරන ලදී. මෙය අසමසම වෘත්තීය අධ්‍යාපන අවස්ථා සමඟ ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් පිරිනැමීමට ESOFT හි අඛණ්ඩ කැපවීම විදහා දැක්විමකි.

තොරතුරු තාක්‍ෂණය, කළමනාකරණය සහ ව්‍යවහාරික විද්‍යාව යන ක්ෂේත්‍රයන්ගෙන් මෙම Level 3 ඩිප්ලෝමාව සම්පූර්ණ කරන සිසුන්ට සාමාන්‍ය පෙලෙන් පසු ඍජුවම උපාධියට ප්‍රවිෂ්ඨ වීමට ඉඩ සලසනු ඇත.

BMICH හි පැවති මෙම උත්සවයට ESOFT හි නිර්මාතෘ, සභාපති/සමූහ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා, British Council හි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ඔර්ලන්ඩෝ එඩ්වඩ් මහතා සහ Skills & Education Group හි ප්‍රධාන විධායක නිලධාරී පෝල් ඊල්ස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

 

Other Blogs